සම්බුද්ධ ශාසනයට ඇති වන්නා වු අභියෝග ජය ගනිමින් බෞද්ධ උරුමය සුරකින්න සිහලද්වීපය වාසී සහ ලෝක වාසී බෞද්ධ ජනතවගේ අවශතා හදුනාගනිමින් බුදු පිලිවෙත් අනුව සුරක්ශිත වු සදාචාරවත් පරමාදර්ශී බෞද්ධ ජන සමාජයකට මත විවර කිරීම සහ වබෞද්ධ ලෝකය ඒකාත්මික කිරීම.
බෞද්ධ ශාසනික උරුමයන් ආරක්ශා කිරීම, මතු පරපුරට දායද කිරීම සහ ශාසනික විරෝදී අභියෝග ජයගැනීම.
බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ සමාජ මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාමට දායක විය හැකි අය අප හා සම්බන්ධ වන්න.
සම්බුද්ධ ශාසනය හා සිංහල ජාතියට ඇති වන්නා වූ අභියෝග ජය ගනිමින් අපගේ උරුමය,සංස්කෘතිය සුරකිමින් ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවගේ අවශ්‍යතා හදුනා ගනිමින් බොදු පිළිවෙත් අනුව සුරක්ෂිත සෞභාග්‍යමත් දිවියක් ගත කිරීම සදහා අවශ්‍ය පහසුකම් සහ උපදේශනයන් සලස්වන්නා වූ සදාචාරමත් පරමාදර්ශී දේශයක් බවට ශ්‍රී ලංකාව හෙවත් සිංහලය පත් කිරීම සහ බෞද්ධ ලෝකයා එකතු කරමින් උතුම් බුදු සසුන ලෝ වැසි බෞද්ධ ප්‍රජාවගේ පරපුරෙන් පරපුරට උරුම වන යාන්ත්‍රණයක් සකසා බෞද්ධ ලෝකය ස්ථාවර කිරීම.
උනන්දුව කැපවීම හා මනා පෙළබවීමෙන් යුත් බෞද්ධ කණ්ඩායමක් විසින් පදනමේ සම්පත් උපරිම වශයෙන් උපයෝගි කරගෙන බෞද්ධයා වෙනුවෙන් උපරිම සේවාවක් සැලසීමෙන් බෞද්ධ ජන සමාජය ආරක්ෂා කිරීමේ පදනමක් බවට පත් කිරීම අපගේ මෙහෙවරයි.